මැකොස මහමැතිවරණයට දින දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව එළඹෙන මාර්තු 1 වැනිදා විසුරුවා හැරියහොත් අප්‍රේල් මස 25 සහ 26 දිනවල පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ ඊයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පැවැත්වු සාකච්ඡාවකදී සභාපති මහින්ද දේශප්‍රිය මහතා එසේ ප්‍රකාශ කළ බව ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාද ඊයේ (4) සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර සිටියේද ඒ ආකාරයෙන් මැතිවරණය පැවැත්විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − ten =