කාජල් – ෂාරුක් යළි පෙම්වතුන් වීමට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) –බොලිවුඩ්හි අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීයම පෙම්වතුන් යුවළක් වන ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරේදීම රූගත කිරීමට නියමිතව ඇති බවට ඉඟි පළවී ඇත.

කෙසේ නමුත් එම නිර්මාණය පිළිබඳ වැඩිදුර තොරතුරු කිසිවක් අන්තර්ජාලයට මුදා හැර නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ මෑතකදී කාජල් විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඇයගේ රසිකයන් සමඟ ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වූ අවස්ථාවේ දී ය.

මෙම දෙපළ සිනමාවේදී පෙම්වතුන් ලෙස වසර කිහිපයක් අඛණ්ඩව සම්මානයට පාත්‍ර විය. දිල්වාලේ දුල්හානියා ලෙ ජයෙන්ගේ සිට 2015 වසරේ තිරගත වූ රෝහිත් ෂෙට්ටිගේ දිල්වාලේ චිත්‍රපටය දක්වා දක්වා ඔවුන් දෙදෙනා පෙම්වතු ලෙස රංඟනයෙන් නිරතවිය.

එසේම අදාළ ප්‍රශ්නෝත්තර සැසියේ දී බොහෝ රසිකයන් කාජල්ගෙන් ඇගේ චිත්‍රපට, පවුලේ අය සහ තවත් බොහෝ දේ ගැන විවිධ ප්‍රශ්න ඇසූහ. මේ අතර එක් රසිකයෙක් ඇසුවේ ඇය නැවත ෂාරුක් ඛාන් සමඟ වැඩ කරන්නේ කවදාද යන්නයි. ඇය එහිදී පිළිතුරු දී ඇත්තේ එය එස්ආර්කේ ගෙන්(ෂාරුක් ඛාන්ගෙන්) විමසන්න ලෙසිනි.

එසේම තවත් රසිකයෙක් ඇසුවේ ඇයට අජේ දේව්ගන්ට පෙර SRK හමුවූවානම් ඔහු සමග විවාහ වන්නේද යන්නයි. එයට කාජල් පිළිතුරක් ලබා දෙමින් කියා සිටියේ එම යෝජනාව මුලින්ම කළ පුද්ගලයා සමඟ විවාහවන බවයි. අජේ සහ කාජල් 1999 පෙබරවාරි 24 වන දින විවාහ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *