රංජිත් සොයිසා මහතාගේ දේහය අද නිවසට – අවසන් කටයුතු ලබන ඉරිදා

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද (05) පෙරවරුවේ ගොඩකවෙල පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතය.

සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගියෙය. දේහය ඊයේ (04) රාත‍්‍රි 9.00 ට පමණ කටුනායකට රැගෙන විත් තිබේ. 1962 වසරේදී ගොඩකවෙල ඇල්පිටිය ප‍්‍රදේශයේ උපන් රංජිත් සොයිසා මහතා ඇල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයේ සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලේ ආදි සිසුවෙකි.

අටකලම්පන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඔහු 1997 වසරේදී කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසියේය. පාර්ලිමේන්තුවට පළමුවරට තේරී පත්වන්නේ 2010 වසරේදීය. 2015 මහ මතිවරණයෙන් ද වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කිරිමේ විශාල කාර්යය භාරයක් ඉටු කළ රංජිත් සොයිසා මහතා මිය යන විට 57 වන වියේ පසු වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ද විශාල කාර්යය භාරයක් ඉටු කරනු ලැබුවේය.

කොළඹ මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය අද පෙරවරුවේ ගොඩකවෙල පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙනයාමට නියමිතය.

රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (08) ගොඩකවෙල දී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *