තවදුරටත් වැස්ස

(කොළඹ, ලංකාපුවත්) – උතුරු, නැගෙනහිර, උතුරු – මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය,මඩකලපුව,අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 පමණ තද වර්ෂාපතනයන් ද සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල (ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක) සහ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැකිය.

දිවයින හරහා විශේෂයෙන්ම, උතුරු, උතුරු – මැද, වයඹ, මධ්‍යම සහ ඌව පලාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =