නුදුරේ දී සරම්ප රෝගයට විශාල පිරිසක් ගොදුරුවීමේ අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) –​සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ දී එක්ලක්‍ෂ හතළිස් දහසකට අධික පිරිසක් මියගොස් ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නුදුරේ දී සරම්ප රෝගයට විශාල පිරිසක් ගොදුරුවීමේ අවධානමක් පවතින බවද එම සංවිධානය පෙන්වා දෙයි.

සරම්ප රෝගයේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ වයස අවුරුදු 05ට අඩු දරුවන්ය.

2000 වසරෙන් පසු රෝගය මර්දනය සම්බන්ධයෙන් ලොව පුරා ඉහළ ප්‍රගතියක් අත් කරගෙන තිබුනි. කෙසේ වුවද ඉකුත් වසරේ දී බ්‍රිතාන්‍යය, ඇල්බේනියාව, ඩෙක් සමූහාණ්ඩුව හා ග්‍රීසිය යන රටවල සරම්ප මුලිනුපුටා දැමීමේ තත්ත්වය අහිමි වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනුයේ මේ වසර තුළ ද සරම්ප රෝගීන් වාර්තාගත පිරිසක් ලොට රටවල් රැසකින් සොයාගෙන ඇති බවය. කොංගෝ, මැඩගස්කර් සහ යුක්‍රේනය යන රටවල සරම්ප දරුණු ලෙස පැතිර ගොස් ඇති බව වාර්තාවේ.

2000 වර්ෂයේ දී රෝගීන් මිලියන 28කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මියගිය පිරිස 535,000කට අධික වේ. කෙසේ වුවද 2018 වසරේ දී වාර්තා වී ඇත්තේ රෝගීන් මිලියන 10කටත් අඩු සංඛ්‍යාවකි. වාර්තාවූ මරණ සංඛ්‍යාව 142,000කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *