බනිස් සහ මාළු පාන් මිල රු 5 කින් පහළට

(කොළඹ, ලංකාපුවත්) – රජය මගින් වැට් බදු අඩු කිරීම සහ ජාතිය ගොඩනැඟීමේ බදු ඉවත් කිරීමේ සහනය පාරිභෝගිකයාට ලබාදීම සඳහා පාන් හැර බනිස් සහ මාළු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

රජයේ මෙම බදු සහන ප්‍රතිපත්තිය හේතුවෙන් බේකරි හිමියන්ට විශාල වශයෙන් සහන සැලසී ඇති බවද ඒ මහතා කීවේය.

මෙම බදු සහනය හේතුවෙන් කේක් කිලෝවක මිලද රුපියල් 50 කින් අඩු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *