ලොව කැළඹූ ස්ත්‍රී දුෂකයින් පොලිස් වෙඩි පහරින් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ලොව කැළඹූ හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට උත්සාහ දෑරූ අවස්ථාවේ මෙලෙස වෙඩි තැබූ බව ඉන්දීය පොලිසිය සදහන් කරයි

පසුගිය නොවැම්බර් 27 වෙනිදා සිය සේවා කටයුතු නිම කොට නිවෙස බලා යමින් සිටි ප්‍රියංකා රෙඩ්ඩි නම් මෙම පශු වෛද්‍යවරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරෙක් ඇතුළු සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ

මෙම අපරාධය සිදුකළ ස්ථානයට අද (06) අළුයම් කාලයේදී පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනා රැගෙනවිත් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *