නාමල් ආසියානු නවෝත්පාදන සමුළුව අමතයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු අලෙවිකරන කේන්ද්‍රයේ ආරාධනයක් අනුව ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැති ආසියානු නවෝත්පාදන සමුළුවෙදී ආසියානු තාරැණ්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් දේශනයක් පැවැත්වා ඇත.

එහිදී නව රජයේ සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත ලාංකික තාරුන්‍යය සංවර්ධනය වෙනුවෙන් වූ කරුණු පිළිබඳවත් සාකච්ඡා කෙරුනි.

ආසියානු රාජ්‍ය කිහිපයකම අලෙවිකරන නියෝජිතයන් රැසක් සහභාගි වූ මේ සමුළුවේදී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංස්කරණයෙදී තාරුන්‍යයට ලබාදිය යුතු අවදානය පිලිබඳවද සාකච්ඡා කර ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලොව ප්‍රවීනතම අලෙවිකරන දේශකයෙක් වන මහචාර්ය හර්මාවන් කර්ටජයා සමගද “රාජ්‍ය සන්නාම” කරනයෙ වැදගත්කම පිලිබඳවද සාකච්ඡා කර ඇති බව සඳහන්.

තවද මෙම සංචාරයේදී ඉන්දුනීසියාවේ සංචාරක සහ නව ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍ය විශ්නුතාමා කුසුබන්දියො මුනගැසුනු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දුනීසියාව සහ ලංකාව අතර සංචාරක කර්මාන්ත වර්ධනය සදහා ගත හැකි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *