චිලී ගුවන් හමුදා යානයක් 38ක් සමඟ අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අතුරුදන්වී ඇති බව චිලී ගුවන් හමුදාව නිවේදනය කරයි.

මෙම ගුවන් යානය තුළ පුද්ගලයින් 38 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ. අතුරුදහන් වූවන් අතර කාර්ය මණ්ඩලය 17 ක් සහ මගීන් 21 ක් ඇතුළත් වේ.

අතුරුදන් වූ යානය සහ එහි සිටි පුද්ගලයන් සොයා ගැනීම සඳහා සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − ten =