නල්ලතන්නියෙන් ශ්‍රී පාදය වන්දනාකරන්නන්ට අවශ්‍ය පහසුකම් සපයයි

(කොළඹ, ලංකාපුවත්) –උදුවප් පොහෝ යෙදෙන දෙසැම්බර් 11 වන දින ආරම්භවන 2019-2020 ශ්‍රී පාද වන්දනා වාරය ට සමගාමිව නල්ලතන්නිය දෙසින් කරුණාකරන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කලේ සමස්ථයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවට මෙම දිනවල පවතින අයහපත් කාල ගුණය හෙතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන් ඒ පිළිබඳවත් අවධානය යොමුකිරීම වැදගත් බවත්, විශේෂයෙන් වන්දනා කරුවන් ගංගා හා දිය පහරවල් බාවිතා කිරීමේදි වඩාත් සැළකිලිමත් වන ලෙසත්ය.

එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයේදි ශ්‍රී පාද වන්දනාකරුන්ගේ ආරක්ෂාව සහ ඔවුනට අවශ්‍ය පොදු පහසුකම් සැළසීම ට අදාල කටයුතු අවශ්‍ය අයතන සමග සම්බන්දවෙමින් සිදුකරණ බවත්, වන්දනාකරුවන් විසින් මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍ය නල්තන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම එක් රැස් කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සැළසුම් කරමින් පවතින බවත්, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ශ්‍රී පාදස්ථානායේ ගෞරවය ආරක්ෂාකරමින්, මෙම පුණ්‍ය භුමිය සහිත සන්වේදී පරිසර කලාපය මතු පරපුර සඳහා ආරක්ෂා කිරීම ට වන්දනාකරුවන්ගේන් ලැබෙන සහයෝගය වැදගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසිය.

ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ, විශේෂ පෙරහැරවල් හතරක් මගින් පැල්මඩුල්ල බගවන්තලාව මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල රත්නපුර රජ මාවත ඔස්සේත්, රත්නපුර අවිස්සාවේල්ල යටියන්තොට හැටන් නල්ලතන්නිය මාර්ග ඔස්සේත් සහ පැල්මඩුල්ල – කුරුවිට – එරත්න මාර්ගය ඔස්සේත් අද(10) දිනයේ ශ්‍රී පාද මළුව දක්වා වඩමකරවීමෙන් අනතුරුව උදුවප් පොහෝ යෙදෙන හෙට (11) දින සිට මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *