විවාහක ලෝක රූ රැජිණ කැරොලින් ජූරි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලින් ජූරි ( Caroline Jurie ) මහත්මිය අද (10) අලුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළින් යළි දිවයින වෙත පැමිණියාය.

ඒ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙනි.

ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *