සිරකරුවන්ගේ මානව හිමිකම් මෙන්ම අයිතිවාසිකම් අනිවාර්යයෙන්ම රකිනවා

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව රජය යටතේ, සිරකරුවන්ගේ මානව හිමිකම් මෙන්ම මානව අයිතිවාසිකම් ද අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්නවා යයි අධිකරණ මානව හිමිකම් හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.

එමෙන්ම බන්ධනාගාර තුළ රැඳවියන් සඳහා වන පහසුකම් කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඒඅඩුපාඩුද කඩිනමින් සම්පුර්ණ කරන බවද ඇමැතිවරයා කීය.

වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ අද (10) නිරීක්ෂණ චරිකාවකට එක් වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසිය.

මම ඇමතිවරයා ලෙස වැඩ බාර ගැනිමේන් අනතුරුව අද දින මාගේ ලේකම්තුමාත් නිළධාරින් සමග බන්ධනාගාර කටයුතු පරික්ෂා කිරිම සදහා අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා.විශේෂයෙන් මම මීට පෙර අමාත්‍යංශයේ පවත්වන ලද ප්‍රගති සමාලෝචනයේදි මෙහි තියෙන අඩුපාඩු රාශියක් දැන ගන්නට ලැබුණා.පසු ගිය රජය යටතේ අධිකරණ කේෂත්‍රෙ‍යේ උසාවි ගොඩනැගිලි සැදිම සඳහා විශාල මුදලක් වෙන් කර තිබුණත් සිරකරුවන්ගේ රැදවියන්ගේ සුබ සාධනය සදහා බන්ධනාගාර අංශය සදහා ඉතාමත් සුළු මුදලක් තමයි වෙන් වෙලා තියෙන්නේ.ඒ නිසා වැඩ කටයුතු රාශියක් අපිට රැදවියන්ගේ සුබ සාධනය සදහා දරන්ට වෙලා තියෙනවා.විශේෂයෙන්ම අපි බන්ධනාගාර වල ඉන්න රැදවියන්ගේ සංඛ්‍යාව අපිට තබා ගත හැකි සංඛ්‍යාව මේන් තුන් ගුණයක්.ඒ නිසා අපට නව ගොඩණැගිලි රාශියක් සාදන්නට වෙලා තියෙනවා ඔවුන්ට මීට වඩා වැඩි පහසුකම් ලබාදිම සදහා.ඒ සදහා අපි දිර්ඝ කාලිනව හා මධ්‍යම කාලිනව සැළස්මවල් දෙකක් යටතේ අපි ඒවා සැදිමට බලාපොරත්තු වෙනවා.

දැනට අපිට කරන්න තියෙන්නේ වහාම මේ බන්ධනාගාර තුල තියෙන පහසුකම් වඩාත් වැඩි දියුණු කිරිමයි.සනිප ආරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නැ.ඒ නිසා මම දැනටමත් මිලියන දහයක් වෙන් කරලා තියෙනවා වහාම සනිප ආරක්ෂක පහසුකම් පුළුල් කරන්න කියලා.ඒ වගේම අද දින නිරික්ෂණ චරිකාවේදි තිබුණු තවත් අඩුපාඩු රාශියක් සදහා අපි මුදල් වෙන් කරදිමට බලාපොරත්තු වෙනවා.ඉදිරි මාස තුන ඇතුළත දි වෙනසක් පෙනෙන අකාරයට පහසුකම් ලැබේන අකාරයට වහාම කළ හැකි කාර්යන් තොරා බේරා ගෙන ඒ කටයුතු කරන්න.ඊ ළගට සිරකරුවන්ගේ තිබුණු මැසවිල්ලක් තමයි ඔවුන් දිර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරයේ රැදි සිටිනවා.ඔවුන් පුනරුත්තාපනය වෙලා ඉන්නවා ඒ නිසා ඔවුන්ට සමාජ ගතවිම සදහා අවස්ථාවක් සළසා දෙන්න කියලා.ඒ නිසා මේ ප්‍රශ්ණය පිළිබදව මම නිතිපතිතුමාත් අධිකරණ කේෂත්‍රයත් සමග සාකචිජා කරලා අලුත් ක්‍රමවෙදයක් සකස් කිරිමට කැබිනටි මණ්ඩලයේ අනුමැතිය ඇතිව බලාපොරත්තු වෙනවා.

දිර්ඝ කාලිනව හොද කල් ක්‍රියාවෙන් ඉදපු විශේෂයෙන් අපරාධ වල ස්වභාවය අනුව විශේෂයෙන් පාතාලය ස්ත්‍රි දුෂණ සංවිධානාත්මක මිනිමැරුම් ඒ අයට නේවයි එයින් පරිබාහිරව දිර්ඝ කාලිනව බන්ධනාගාර ගත වෙලා හොද කල් ක්‍රියාවෙන් ඉන්න අය ඉන්නවා.හොදට බණ දහමි කර ගෙන ශිල ව්‍යාපාර වලට සමිභන්ධ වෙලා විශාල වශයෙන් පුනරුත්ථාපනය වු කණ්ඩායම් ඉන්නවා.ඒ අය තව දුරටත් මේ බන්ධනාගාර තුල රදවා ගැනිමේ තේරුමක් නැ.මොකද බන්ධනාගාර තුල රදවා තබන්නේ ඔවුන් පුනරුත්ථාපනය කිරිමේ අරමුණින්.ඒ අරමුණ ඉෂ්ඨ වුනා නමි අපි ඔවුන් සමාජ ගත කිරිම අනිවාර්යෙන්ම කළ යුතුයි.ඒ නිසා අපි ඒ සදහාත් ක්‍රමවෙදයක් සකස් කිරිමට බලාපොරත්තු වෙනවා.

ඒ වගේම අපි මේ රිමාන්ඩි බන්ධනාගාර වල විශාල පිරිසක් ඉන්නේ මත් ද්‍රව්‍ය වලට සමිභන්ධ නඩු සමිභන්ධයෙන්.උසාවි වල නඩු ප්‍රමාණය සියියට එකසිය පනහකින් වැඩි වෙලා තියෙනවා.මේ නඩු ප්‍රමාදයට එක හේතුවක් තමයි රස පරික්ෂක වාර්තාවන් නියමිත වෙලාවට නොලැබිම.ඒ පිළිබදව මමත් මගේ ලේකම්තුමාත් රස පරික්ෂක දෙපාර්මේන්තුව සමග දිර්ඝ සාකචිජා පවත්වලා රස පරික්ෂක වාර්තා ඉක්මන් කිරිමේ ක්‍රියාවලියක් යෙදවුවා.රස පරික්ෂක දෙපාර්මේන්තුවට ඒ කාර්ය කරන්නට අවශ්‍ය පහසුකම් ලබාදිලා තියෙනවා.නමුත් අවශ්‍ය පිරිස් බලය නැ.පිරිස් බලය ලබාදිමටත් අවශ්‍ය කටයුතු අපි කරලා තියෙනවා.ඊට පසු රස පරික්ෂක වාර්තා ප්‍රමාද වෙනවා නම් අපිට වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා රස පරික්ෂක වාර්තා ලබා ගැනිමට.නිතිය වෙනස් කරලා හරි විශ්ව විද්‍යාල වල තියෙන රසායනාගාර තුලිනුත් මේ රස පරික්ෂක වාර්තා හෙරොයින් නඩු සමිභන්ධයෙන් ලබා ගැනිමේ හැකියාව පිළිබදව අපි ඉතා ඉක්මණින් සාකචිජාවක් පවත්වලා ඒ ගැන තින්දුවක් ගන්නවා.

ඒ විට බන්ධනාගාර වල තියෙන තදබදය බොහො දුරට අඩු කර ගන්න පුළුවන් වෙයි.ඒනිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ සිරකරුවො කියන්නේ මනුෂයෝ සිරකරුවන්ගේ මානව හිමිකම් මානව අයිතිවාසිකම් අපි අනිවාර්යෙන්ම මේ රටේ ආරක්ෂා කරන්න ඔනි.ඔවුන් සමාජයේ කොන් කරපු පිරිසක් හැටියට නොව ඔවුන් නැවත සමාජ ගත කිරිම සදහා අවශ්‍ය පසුබිම අපි බන්ධනාගාරය තුල අනිවාර්යෙන්ම ඉටු වෙන්නට ඔනි.ඒ වගේම මේ බන්ධනාගාර තුල ඉදන් අපරාධ කිරිමට පෙළඹෙන සිරකරුවන් රැදවියන් පිළිබදව විශේෂ අවධානයකින් කටයුතු කිරිම සදහා මම බලාපොරත්තු වෙනවා සී.සී.ටී.වි.කැමරා මේ සැම බන්ධනාගාරයක් තුලම සවි කිරිමට.ඊ ළගට අපේ පරිපාලනයේ විශාල වෙනසක් කරන්නට ඔනැ මේ බන්ධනාගාරයේ අපේ නිළධාරි පිරිස කොමසාරිස්තුමා වැඩ කරන්නේ බොහොම අමාරුවෙන්.

අපට අවශ්‍ය තරම් කාර්ය මණ්ඩල බන්ධනාගාර නියාමකවරුන් නැ ජෙලර්වරුන් නැ.ඒ අය අපි ඉතා ඉක්මණින් බදවා ගෙන ඒ පහසුකම් සලසාදිලා තමයි අපි ඔවුන් තුලින් හොද සේවයක් බලාපොරත්තු වෙන්නේ.ඒ සදහාත් අවශ්‍ය කටයුතු ඉටු කරන බවත් ප්‍රකාශ කරන්නට කැමතියි.‍

අනිවාර්යෙන්ම වැලිකඩ බන්ධනාගාරය නාගරික කලාපයෙන් පිටතට ගෙන යා යුතුයි.දැනටමත් අපි හෝමාගම තියෙන වටරැක ඉඩමක් අපි හදුනා ගෙන තියෙනවා.ඒ සදහාත් ව්‍යාපෘතියක් ළගදිම එනවා. බන්ධනාගාර නිළධාරින්ගේවැටුප් සමායෝජනය සම්බන්ධයෙන් වෙනම කමිටුවක් තියෙනවා.ඒඅයට කිවුවා ඒ කමිටුවට කරුණු ඉදිරිපත් කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැ .භාණ්ඩාගාරය හා වැටුප් කොමිෂම නිර්දේශ කරනවා නම් අපි හැම වැටුපක්ම ලබා දෙන්න අපි සුදානම්.පසුගිය කාලයේ ජනාධිපති සමාව ලබා දීම ගැන විවිධ අදහස් මෙහිදී පළ වුණා.ජනාධිපති සමාව ලබා දෙන්නේ ඇමතිවරයා හරි අධිකරණ ඇමතිවරයා නේවයි.ආණ්ඩු කුම ව්‍යස්ථාව අනුව සමාව දමේ පුර්ණ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට.එක ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි සිදුවිමක්.
මේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන්,අතිරේක ලේකම් පාලන බන්දුල ජයසිංහමහත්වරුන් සහ බන්ධනාගාර කොමසාරිස්වරු,බන්ධනාගාර අධිකාරිවරු සහ බන්ධනාගාර නිළධාරින් සහභාගිවූහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *