සිරිපා සමය ඇරඹේ..සමන් දේව ප්‍රතිමාව උඩමළුවට

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ශ්‍රි පාද සමය අදින්(10) ආරම්භ වෙයි. ඒ අනූව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම අද සිදු කෙරේ.

ඊයේ (09) පස්වරුවේ සිට අද අළුයම දක්වා පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුද පූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමි වෙයි.

පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව හෙට අළුයම පෙරහර ආරම්භ කෙරේ. එය පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඹ්විට, කරවනැල්ල, හැටන් මස්කෙළිය ඔස්සේ නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට නියමිතයි. මීට අමතරව සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම ද හෙට දිනයේ සිදු කෙරේ. මාස 06 කට ආසන්න කාලයක් ශ්‍රි පාද වන්දනා සමය ලෙස සැළකෙයි. වෙසක් පෝය දිනයෙන් අවසන් වීමට නියමිතයි. ශ්‍රී පාද විහාර භූමිය දක්වා ආධාර එකතු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ.

එමෙන්ම විහාර භූමිය හා අවට මාර්ගයේ විදුලි ලාම්පු සවි කිරීම ලංකා විදුලි බල මණ්ඩලයට හා පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවටත්, සනීපාරක්ෂක කටයුතු සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවට හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලවලටත් පවරා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *