කළු තුෂාරට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය අද(10) මරණ දඬුවම නියම කළේය.

ඒ හෙරොයින් ග්‍රෑම් 59 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවටය. විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට තීන්දු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

2017 වසරේ මැයි මස 12 වනදා සිය සේදවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 ප්‍රවාහනය කරමින් සිටියදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුව ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *