කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) –නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) රාත්‍රී 10 සිට පැය 07 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල , ගංගොඩවිල සහ උඩහමුල්ල යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 10 සිට අනිද්දා අළුයම 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *