වසර 09කට පසු ටෙස්ට් තරගයකට ශ්‍රී ලංකාවෙන්, පකිස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) –ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමෙන් වසර 9කට පසු විදෙස් රටක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක් සඳහා පකිස්ථානයට ඊයේ(09) ළඟාවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගී වීමට නියමිතය. ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට පකිස්ථානයේ රාවල්පින්ඩිහිදී පැවැත්වීමට නියමිතයි. 2009 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ටෙස්ට් තරගාවලියක් සඳහා විදෙස් රටක් පකිස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම තරගාවලියේ දි දැඩි ආරක්ෂාවක් ලබාදී තිබෙන බව වාර්තා වේ.

මෙම තරගාවලියේ විශේෂ අමුත්තන් ලෙස ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් නායක බන්දුල වර්ණපුර සහ පකිස්ථානයේ ජාවේඩ් මියැන්ඩාඩ්ට ආරාධනා කර තිබේ. 1982 වසරේ දෙරට අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් නායකයින් ලෙස ඔවුන් කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *