ඉසෙඩ්කෝ ක්‍රමය වෙනස් කිරීමට රජයේ එකඟත්වය

(කොළඹ, ලංකාපුවත්) – රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දිස්ත්‍රික් පදනමින් භාවිත කරනු ලබන ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමවේදය වෙනුවට පාසල් පදනම් කොටගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදිමට යන බවත්,එය 2020 වසරේ උසස් පෙළ විභාගය සමත් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවත්,අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

මේ පිළිබඳව තමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වු බව කී ඇමතිවරයා, නව ක්‍රමවේදය සකස් කිරිම නව ක්‍රමවේදය සකස් කිරිම අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවිණයන්ගෙන් යුත් විශේෂඥ පත් කිරිමට යන බවද සඳහන් කළේය.

වර්තමානය වන විටත් පළාත්,දිස්ත්‍රික්ක මෙන් ම පාසල් අතර ද අධ්‍යාපන පහසුකම් හා අධ්‍යාපන ගුණාත්මකභාවයේ විවිධ විෂමතා පවතින බව හඳුනාගෙන තිබේ. මේ නිසා දිස්ත්‍රික්ක ක්‍රමය වෙනුවට පාසල් මට්ටමත්, විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමෙන් මෙතෙක් පැවැති අසාධාරණයක් ඉවත් වන බව ද අධ්‍යාපන ඇමැතිවරයා තවදුරටත් කිය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *