කඳුකර දිනය සැමරුම කඳුකරයේ ජනතාව අතරට ගෙනයාමෙන් ස්භාවික අපදා වලක්වාගත හැකියි

(කොළඹ, ලංකාපුවත්) – අර්ථාන්විතව කඳුකර දිනය සැමරුම කඳුකරයේ ජනතාව අතරට ගෙනයාමෙන් ස්භාවික අපදා වලක්වා ගැනීමටත්, එවා කල් තියා හදුනා ගැනීමටත් හැකි බව ජාත්‍යන්තර කඳුකර දින සැමරුමක් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් ප්‍රභව සංවිධානයේ ප්‍රධානි මාධ්‍යවේදි අසංක ප්‍රභාත් රත්නායක මහතා පැවසීය.

දෙසැම්බර් 11 දින එනම්, ඊයේ(11) දිනට යෙදුනු ජාත්‍යන්තර කඳුකර දින වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කලේ අපට ආහාර, ජලය, ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය අංග රැසක් ලබාදීමට හේතු වන කඳු පරිසරය පිළිබඳව අවබෝධය නොමැති වීම හා කඳු පරිසර පද්දතියට ආදරය නොකිරීම බහුතරයක් ණය යාම්, ගං වතුර, වැනි ස්භාවික ආපදා වලට හේතු වි ඇති බවය.

කඳු වැටි මානව වර්ගයාගේ පැවැත්මට දක්වන නොබිදිය හැකි දායකත්වය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කඳු ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඒවා පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා දෙසැ‍ම්බර් 11 වනදා ලෝක කඳුකර දිනය ලෙස නම් කර තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පාරිසරික හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ න්‍යාය පත්‍රය 21 හි ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් ලෙස 1992 දී සම්මත කරන ලද “බිඳෙන සුලු පරිසර පද්ධති කළමනාකරණය, තිරසාර කඳුකර සංවර්ධනය” ලේඛනයේ ජාත්‍යන්තර කඳුකර දිනයට මග හෙලි කල අතර කඳුකරයේ වැදගත්කම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2002 කඳුකර වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කළේය.

2003 වර්ෂයේ සිට ජාත්‍යන්තර දිනය සැමරුම ආරම්භ කළ අතර එදින පටන් අද දක්වා ලොව පුරා විවිධ රටවල් මෙම දිනය සමරමින් දෙසැම්බර් මාසය පුරා කඳු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, කඳු ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කිරීම, කඳුකර ප්‍රදේශ සංචාරක වශයෙන් ප්‍රචලිත කිරීම, කඳු තරණය, පරිසරය සුරැකීමේ වැඩසටහන් සංවිධානය කිරීම විශේෂිතය.

තව දුරටත් අදහස් දක්වමින් අසංක ප්‍රභාත් රත්නායක මහතා සඳහන් කලේ “ජත්‍යන්තර කඳුකර දිනය සමරා වසර 08 පසු එනම් 2010 වසරේ ප්‍රභව අපට හැකි වුනා ස්වෙච්චා තරුණ පිරිසක් එකතුවු සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට හපුතලේ කඳු මුදුනේ ජාත්‍යන්තර කඳුකර දිනය සමරන්න . අද වන විට ශ්‍රි ලංකාවේ කඳුකර දිනය සැමරුමක් ආරම්භ කර වසර 10 වෙනවා . එදා සිට අද දක්වා අපි කඳුකර දිනය සැමරුම අර්ථාන්විතව සමරනවා. කඳුවල ආරක්ෂාව වෙනුවෙන් අපි පෙනි සිටිනවා.

තරුණ පරපුර අතර කඳු පරිසර පද්දතියට ඇති ඇල්ම වැඩිවි තිබෙන බව නිරික්ෂණය වෙනවා. ඔවුන් කඳු පරිසර පද්දතිය විදින්න එත් කඳු ආශ්‍රිතව ජිවත්වන ජනතාව අතර මෙ පිළිබඳව ඇති දැනුම මදි බවක් පෙනෙනවා. එමනිසා ස්භාවික අපදා වලින් ඇතිවු විපත් වලට අපේ ජනතාව ගොදුරු වුනා. අහිංසක ජිවිතවලින් වන්දි ගෙවන්න සිදුවුනා. කඳු පරිසර පද්දතියට හානි කිරීම මේ අපදා වලට විශාල ලෙස හේත් වි තිබෙනවා.

කඳු ආශ්‍රීත සෑම ප්‍රදේශයකම කඳුකර දින සැමරුම් සංවිධානය කර ජනතාවට කඳු පරිසර පද්දතිය පිළිබඳව අවබෝදයක් ලබාදීම මගින් පරිසර ගැටළු මගහරවා ගත හැකි බව ඒ මහතා තවදුරත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − nine =