එක්සත් රාජධානියේ නව අගමැතිට, ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්සත් රාජධානියේ අලුතින් තේරී පත් වූ අගමැති බොරිස් ජොන්සන් මහතාට සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

“මහ මැතිවරණයෙන් ඔබ ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණය සහ නැවත වරක් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව මාගේ අවංක සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි,” යනුවෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩයේ දැක්වේ.

ශතවර්ෂ ගණනාවක් පැරණි සමීප සබඳතා සහ දෙරට අතර සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සඳහා පූර්ණ ලෙස කැපවී සිටින රටවල් ලෙස අනෝන්‍ය වශයෙන් පිළිගත් මූලධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවල සමීපව කටයුතු කළ බවය.

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබේ රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *