ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට රජයෙන් වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක මහතා පැවසීය.

කිසිදු ජාත්‍යන්තර පාසලක් දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට ලක් නොවන බවත් මේ හේතුවෙන් ඒවායේ ඉගැන්වීම් ක්‍රමවේද සහ දරුවන්ට දැරීමට සිදුවන පීඩනය මෙන්ම ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඇතැම් ජාත්‍යන්තර පාසල්වල උගන්වන ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් ඊට විසඳුමක් ලෙස නුදුරේදීම ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධ්‍යපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *