නැවතුණු සංවර්ධනය යළි අරඹන බවට අගමැතිගෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – නැවතී ඇති සංවර්ධනය යළි අරඹන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. තංගල්ල වනවාස කුඩා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තංගල්ල වනවාස කුඩා විහාරය, බදගිරිය රජමහා විහාරය හා කිරුළපන ශ්‍රී සිද්ධාර්ථාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති පූජ්‍ය වැවහමන්දූව වාචීස්සර ස්වාමීන් වහන්සේගේ 93 වන ජන්ම දිනය වෙනුවෙන් පිරිත් සඡ්ඣායනාවක් පැවැත්වුණි. විහාරාධිපති නාහිමියන්ට ආශිර්වාද පතා පැවති මෙම පිරිත් දේශණය ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාත ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *