ස්විස් සේවිකාව CIDයෙන් මානසික වෛද්‍ය මණ්ඩලයක් හමුවට

(කොළඹ, ලංකාපුවත්) – ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය 6 වන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද(16) පැමිණියාය.

අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය එහිදී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි. ඉන්පසුව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් වෙත ඇය යොමු කෙරුණි.

පැහැර ගැනීමට හා ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන මෙම ස්වීස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කිරීමට අධිකරණය පසුගියදා නියෝග කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *