සියලු තැපැල් කාර්යාලවලට අන්තර්ජාල පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) –සියලු තැපැල් කාර්යාලවලට අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාදීම මෙහි අරමුණ වේ.

ලබන වසරේ සිට වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.

මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති තැපැල් ප්‍රණාම හරසරනී උළෙලට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව ඊයේ(15) කියා සිටියේය.
තැපෑල කිසිම දිනක පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි. තැපැල් දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් ඇතුළු වත්කම් උපයෝගී කරගනිමින් ආදායම් ඉපැයීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

මහා භාණ්ඩාරයට බරක් නොවන ලෙස තැපැල් සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක පුහුණුවද ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *