(කොළඹ, ලංකාපුවත්) – හෙට (17) පෙරවරු 8.00 සිට පැය 24 ක ජල කප්පාදුවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
මෙම ජල කප්පාදුව පෑලියගොඩ, වත්තල, කටුනායක, සීදුව සහ ජා-ඇළ යන නගර සභා බල ප්‍රදේශ සඳහා බලාත්මක වේ. මීට අමතරව මහර, බියගම, දොම්පේ, කැලණිය සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහාද හෙට පෙරවරු 8.00 සිට පැය 24 ක් ජලය කපා හැරේ.
සපුගස්කන්ද විදුලි බල මණ්ඩලයේ අළුත්වැඩියා හේතුවෙන් අදාළ කාලය තුළ මෙලස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.
මේ අතර කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය එකොළහමාරක ජල කප්පාදුවක් බලාත්මකය. විදුලි බල මණ්ඩලේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජලපවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල,මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.