සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පහළට

(කොළඹ, ලංකාපුවත්) – දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කෙරේ.

වැට් බදු ඇතුළු බදු අඩු කිරීම හේතුවෙන් මෙම මිල අඩු කිරිමට පියවර ගත් බව අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

එම මිල අඩු කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව දේශියව නිෂ්පාදනය කරන නව සිමෙන්ති කොට්ටයක මිල සටහන් වන්නේ රුපියල් 995ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *