අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද (17) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යමසහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි එම දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක් තද වැසිද සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 කපමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =