බෝයිං 737 මැක්ස් යානා නිෂ්පාදනය තාවකාලිකව නවතයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන ජනවාරි මස සිට බෝයිං 737 මැක්ස් ගුවන් යානා නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට එම සමාගම සූදානම් වේ.

බෝයිං 737 මැක්ස් යානා නිෂ්පාදනය ඉකුත් මාස 9 පුරා සිදු කර ඇත්තේ, එම යානා දෙකක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරුවලින් පසුවය. එම ගුවන් අනතුරුවලින් 300කට අධික පිරිසක් මිය ගියේය.
ඉන්දුනීසියාවේ හා ඉතියෝපියාවේ සිදුවූ එම අනතුරුවලට භාජනය වූ ගුවන් යානා ආශ්‍රිතව ගැටලුකාරී තත්වය අනාවරණය කර ගැනීමට පරියේෂකයන් සමත් විය.

අමෙරිකාවේ සියැට්ල් ප්‍රදේශය කේන්ද්‍ර කරගත් බෝයිං සමාගම ලොව ප්‍රමුඛ ගුවන් යානා නිෂ්පාදන සමාගමකි. 737 මැකැස් යානා නිෂ්පාදනය අත්හිටුවීමත් සමග එම සමාගමට සිදුව ඇති පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 9ක් පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම සමාගමේ කොටස් ද සියයට 4කට අධික සංඛ්‍යාවකින් පහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *