(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි කාලය තුල විදුලිබල හා බලශක්ති මෙන්ම ප්‍රවාහන ක්ෂේත්රයේ මහජනතාවට හෝ රජය අසීරුවට ලක් කරන කිසිදු ව්‍යාපෘතියකට හෝ ගිවිසුමකට තමාගෙන් ඉඩක් නොමැති බව මගී ප්‍රවාහන කළමණාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (16) ලංකා විදුලි පුද්ගලික සමාගමේ පැවැති සාකච්ඡාවට සහභාගි වෙමිනි. එම සමාගමේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ප්‍රධාන කාර්යාලයේ දී පැවැති අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එම සමාගමේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුනි.
එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසීය.
“විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හෝ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරින් කවුරු මොන විදිහේ ගිවිසුම් හා ලිපි වෙනත් කණ්ඩායම් සමග හුවමාරු කර ගත්තත් මට කමක් නෑ. රටට හා ජනතාවට අහිතකර වන ව්‍යාපෘති කිසි දෙයකට මම හරහා අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශ මම ඉදිරිපත් කරන්නේ නැහැ. කවුරු මොනවා අත්සන් කළත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතුව ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ වගේ රටට හා ජනතාවට අහිතකර ව්‍යාපෘති කිසිවක් මගේ මැදිහත්වීමෙන් අමාත්‍ය මණ්ඩලයට යන්නේ නැහැ. ඒක මම වගකීමෙන් ම කියනවා” යැයි මගී ප්‍රවාහණ කළමණාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.