මාධ්‍ය සතු වගකීම ජනපති පහදයි

(කොළඹ, ලංකාපුවත්) –රජයක් නිසි මගට යොමු කිරීම සඳහා මාධ්‍යයට පුළුල් බලපෑමක් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. පුවත්පත් කතුවරුන්, විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්‍ෂවරුන් හා මාධ්‍ය වේදීන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ(16)හමුවූ අවස්ථාවේදීයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

විවේචන අපේක්‍ෂා කරන අතර එය රජයේ නිවැරදි ගමනට ශක්තියක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

මාධ්‍ය සෑම විටම නිවැරදි දේ සහ සත්‍ය වෙනුවෙන් සිය පෑන හසුරුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේය. රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා ද ස්වාධීන හා නිදහස් පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපතිතුමා කීය.

එසේම 19වැනි සංශෝධනයත් සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් දේශපාලන වශයෙන් පරිණත පුද්ගලයන් මෙවැනි සංශෝධනයක් ගෙනාවේ කෙසේදැයි තමාට සිතා ගත නොහැකි බවත් රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *