රු. කෝටියක හොරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු ජම්පටා වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

වේල්ල වීදිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් එකහමාරකට අධික ප්‍රමාණයක සොයාගෙන ඇතැයි වාර්තා වේ.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන පුද්ගලයෙකු බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර වේල්ල වීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + four =