වසරේ ක්‍රීඩකයා ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්

(කොළඹ, ලංකාපුවත්) –බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන සම්මාන උළෙලේ දි වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සමත්විය.

මෙවර එංගලන්තය පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේදී ඊට කැපිපෙනන දායකත්වයක් දැක්වූවේ බෙන් ස්ටෝක්ස්ය.

බෙන් ස්ටෝක්ස් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වු දක්ෂතා පදනම් කරගනිමින් ඔහුට මෙම සම්මානය පිරිනමා තිබේ.

මෙම සම්මාන රාත්‍රීයේ දී වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානයේ දෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් හිමි කරගත්තේය.

තුන්වන ස්ථානය දිනා ගත්තේ එංගලන්ත මලල ක්‍රීඩිකා ඩීනා ඈෂර් ස්මිත් විසින්.

වසරේ දක්ෂතම ක්‍රීඩා කණ්ඩායමට හිමි සම්මානය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම විසින් හිමිකර ගත්තේය.

බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන සම්මාන උළෙලේ දි වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය වැඩිම වාර ගණනක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ ඇන්ඩි මරේ විසිනි.

2018 වසරේ මෙම සම්මානය දිනා ගත්තේ මහා බ්‍රිතාන්‍යයේ පාපාදි ශුරයෙක් වන ගෙරයින්ට් තෝමස් සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *