ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙන බවට ස්විට්සර්ලන්තයෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී‍්‍ර ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන වන බව ස්විට්සර්ලන්තය ප‍්‍රකාශ කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

එහිදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.

තමා සහ ස්විට්සර්ලන්ත රජය වෙනුවෙන් මෑතකදී පැවති මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපතිතුමාට උණුසුම් සුබ පැතුම් එක් කර බව එහිදී තානාපතිවරයා කියා සිටියේය

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් ද එහිදී අවධානයට ලක්විය. ශ්‍රී‍්‍ර ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අදහසක් නොතිබූ බව එහිදී තානාපතිවරයා සඳහන් කළේය. විමර්ශනවල වත්මන් ප‍්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා තානාපතිවරයාට කරුණු පැහැදිලි කර තිබේ. පැහැර ගැනීම් සම්බන්ධ චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බවට මේ වනවිට තහවුරුවී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වාදී ඇත.

සත්‍යය ඉස්මතු වන පරිදි විමර්ශනය අවසන් කිරීම සඳහා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා, තානාපතිවරයාගෙන් එහිදී ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 1 =