සුළු-මධ්‍ය ව්‍යවසායකයන් දේශීය කර්මාන්ත නංවන කැබිනට් පත්‍රිකාව අගමැති අතින් හෙට ඇමැති මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර හතරහමාරක් තිස්සේ බිඳ වැටීමට ලක්වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු දේශීය කර්මාන්තකරුවන්ට යළි නඟාසිටුවීම සඳහා රජය පිරිනමන සහන පිළිබඳ යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාව අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (18) ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ ව්‍යාපාරික සංගමය තම සාමාජිකයන්ට විශේෂ ව්‍යාපාරික හැඳුනුම්පතක් සහ අලුතෙන්ම CBA Rewards නමින් වට්ටම් කාඩ්පතක් හඳුන්වා දීමේ උත්සවය කොළඹ මූ ඇන්ඩ් පීක් හෝටලයේ දී ඊයේ (16) පැවැති අවස්ථාවට එක්වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකාර ඇමැති විමල් වීරවංශ මහතා මේ කරුණු අනාවරණය කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාගෙන තිබෙන ණය මුදල් ආපසු හරියාකාරව ගෙවීමට නොහැකිව පීඩාවට පත්ව සිටිති. එමෙන්ම කල්බදු ක්‍රමයට ලබා ගත් වාහන හා උපකරණවල වාරික ගෙවීමට නොහැකි වූ ඇතමෙකු ද අසරණ වී සිටිති. මේ පිරිස් මුහුණදෙන ඛේදජනක තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීමට ඉවහල් වන ‍සහන යෝජනා අද අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි ද විමල් වීරවංශ මහතා කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මෙරට ‍රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතනවල ප්‍රධානීන් සමඟ රජයේ නියෝජිතයන් පැවැත් වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම සහන යෝජනා මාලාව සකස්කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =