කොළඹ කොටුවේ සිට මහනුවරට විශේෂ දුම්රිය සේවයක්

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන උත්සව සමය මූලික කරගෙන කොළඹ කොටුවේ සිට මහනුවරට විශේෂ දුම්රිය ධාවන වාරයක් එක් කීරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 9.00ට ගමන් ආරම්භ කරන බවත් පෙරවරු 11.30 ට මහනුවරට ළගා වීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මහනුවරින් පස්වරු 4.55 ට පිටත්වීමට නියමිත අතර කොළඹ කොටුව වෙත රාත්‍රී 7.30 ළගා වීමට නියමිතය.

මෙම විශේෂ දුම්රිය ගම්පහ සහ පේරාදෙණියේ පමණක් නතර කරනු ලැබේ. මෙම විශේෂ දුම්රිය ලබන මස 02 වනදා දක්වා ධාවනයට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *