ඇල්පිටිය ජයගත් පොහොට්ටුවේ මන්තී‍්‍රවරුන් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අද (18) දිවුරුම් දෙනු ඇත.

මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 17 කි. ඔවුන් සියළු දෙනා මහජන ඡන්දයෙන් තේරී පත් වූ අයවේ. ඒ අනුව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබේ.

මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සභික ධුර 7 ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3 ක් ද ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර 2 ක් ද හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 7 =