එජාප පක්ෂ නායක ධුරයට කරු පත් කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ නායක ධුරයට කතානායක කරු ජයසූරිය මහතා පත් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයේ නියෝජිත භික්ෂූන් වහන්සේලාගේ අත්සන් සහිතව සකස් කළ විශේෂ ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

මෙම ලිපියෙහි පිටපත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නියෝජිතයන්, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඇතුළු මහජන නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙතද යොමු කර ඇත.

පක්ෂ නායක ධුරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ලිපිය මගින් ඉල්ලා ඇති අතර කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායක ධුරයට පත් වුවහොත් එය පිළිගෙන ඔහු සමඟ පක්ෂයේ ප්‍රගමනය උදෙසා කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =