ජනපතිට මඩ ගැසූ රාජිතට-රූමීට එරෙහිව CIDයෙන් විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ සමයේදී ප්‍රධාන ජනාධිපති අපේකෂක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා අපරාධකරුවන් දෙදෙනෙක්ව යොදාගෙන සුදු වෑන් රථ කතාවක් නිර්මාණය කළ හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ රාජ්‍ය ‍ඹෟෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් රූමී යන මහත්වරුන් සම්බන්ධයෙන් ද අපරාධමය විමර්ශනයක් ආරම්භ කැර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කෙළේය.

ඒ අනුව ඉදිරියේදී ඔවුන් දෙදෙනාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කැර නීතිපතිවරයාගේ උපදෙස් මත අවශ්‍ය පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. සුදුවෑන් රථ වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා දැමූ බව කියමින් ඊට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ගාවන ලෙස තමන්ට උපදෙස් ලබා දුන්නේ රාජිත සේනාරත්න ඇමැතිවරයා සහ මොහොමඩ් රූමී යන අය බව එම බොරුව ඉකුත් නොවැම්බර් 10 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළ සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කර තිබේ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන තුනක මුදලක් පොරොන්දු වී එයින් රුපියල් මිලියන දෙකක් තමන්ට ලබාදුන් බවද සැකකරුවන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණි. මෙම සැකකරුවන් දෙදෙනා ජනාධිපතිවරණයෙන් පසු සැගවී සිට ඇති බවත් රාජිත ඇමැතිවරයා සහ මොහොමඩ් රූමි ගැන හෙළි නොකිරීමට රුපියල් මිලියන 10 මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු ඇති බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කෙළේය.

මෙම සැකකරුවන් අතර සිටින වටරැක ගමගේ අතුල සංජීව මදනායක නොහොත් උණෟඩියල් අතුල නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවෙක් බවත් හමුදාවෙන් පළා ගිය පුද්ගලයින් සහ පොලීසියේ වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියෙක් සමඟ එක්ව අපරාධ රැසකට සම්බන්ධව සිට ඇති බවත් අනාවරණය වී තිබේ. මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ කොන්ත්‍රාත්තුවකට බඩෝවිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන්ද උන්ඩියල් අතුල නැමැත්තාට සහ ඔහුගේ කල්ලියට එරෙහිව එල්ලවී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කෙළේය. එම ඝාතන කොත්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 20කට සිදු වු බවට එකල ත්‍රස්ත විමර්ශන කොට්ඨාශට තොරතුරු ලැබී තිබුණි. එම පුද්ගලයින් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට උණ්ඩියල් අතුල සහ ඔහුගේ කල්ලිය යොදාගෙන ඇත්තේ සුදු පැහැති වෑන් රථයක් බවද අනාවරණය වී තිබේ.

එම ද්විත්ව ඝාතනය ඇතුළු මංකොල්ලකෑම් 12 ක් අතුලට එරෙහිව ඇති බවත් එම කොල්ලකෑම් 12 සම්බන්ධයෙන් අධිකරණවල මේ වන විටත් නඩු කටයුතු සිදුවන බවත් පොලිස් තොරතුරු අනාවරණය කෙළේය.

එම කොල්ලකෑම් 12 ම අනාවරණය වන්නේ 2013 වසරේ නොවැම්බර් 1 වැනිදා ගෝලබාලයන් තිදෙනෙක්ද සමඟ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමගිනි.

වේරගොඩ කංකානමිගේ වීරසිංහ සුනීත නොහොත් රුවන් , සංඝරාජගේ සුසිල් සිල්වා නොහොත් සුසී නොහොත් සුජී , හෙටිටිආරචිචිගේ ප‍්‍රසන්න සුජීව කූමාර යන අය ඔහු සමඟ අත්අඩංගුවට ගත් සෙසු කොල්ලකරුවන් බව පොලිස් තොරතුරු අනාවරණය කෙළේය.

එම කොල්ලකෑම් මෙසේය.

01- කොටහේන පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 69/2012 ට අදාළව 2012.04.05 වැනි දින සැකකරුවන් සුදු පැහැති ටොයෝටා ටවුන්ඒස් වෑන් රථයකින් පැමිණ කොටහේන කොමර්ෂල් බැංකුවේ සිට මුදල් රැගෙන එමින් සිටි පුද්ගලයකුගේ හිසට පොල්ලකින් පහර දි තූවාල සිදුකර රුපියල් ලක්‍ෂ 10 ක් පිකරිංස් පාරේ දී කොල්ලකෑම.

02- මෝදර පොලිස් ස්ථානයේ බල අපරාධ 23/13 ට අදාළව 2013.01.31 වන දින පැය 23.30ත් 2013.02.01 වන දින පැය 05.00 ත් අතර කාලයේ අංක WP GC 9991 දරණ ලක්‍ෂ 21 වටිනා සුදු පැහැති ටොයොටා ටවුන්ඒස් වෑන් රථයක් අංක 41/1/ඒ මුදලිදු ජෝන් රුද්‍රිගු මාවත කොළඹ 15 ලිපිනයේ නවතා තිබියදී සොරකමි කිරිම.

03- පිටකොටුව පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 22/ 2013 ට අදාළව 2013.02.01 වන දින අංක 55 සාරංගා ජුවලර්ස් හෙටිටිවිදිය පිටකොටුවේදී විදේශ මුදල් හා රන් භාණ්ඩ ගෙන යමින් සිටි පුද්ගලයෙකු සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඔහු සතුව තිබු රුපියල් ලක්‍ෂ 45 ක් වටිනා උන්ඩියල් මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑම.

04- කඳාන පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 81 / 2013 ට අදාළව 2013.04.05 වන දින කඳාන හැටන් නැෂනල් බැංකුවේ සිට යුවලක් විසින් රැගෙන එන ලද දස ලක්‍ෂ පහළොස්දහසක් හා ජංගම දුරකථනයක් කඳාන කපුවත්ත කල්එලිය මාර්ගයේදී සුදු පාට ටොයෝටා ටවුන්ඒස් වෑන් රථය යුවළ ගමන් කළ ති‍්‍රරෝද රථය හරස් කර පිහියෙන් අතට ඇන කොල්ලකෑම.

05- මෝදර පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 195 / 2013 අදාළව 2013.09.25 වන පැය 12.45 ට පමණ අලුත්මාවත මහජන බැංකුව ඉදිරිපිටදි මෝදර එච්.එන්.බී බැංකුවේ සිටි කාන්තාවක් රැගෙන යන ලද රුපියල් පන් ලක්‍ෂ හතලිස් හතරදාහක මුදලක් කොල්ලකෑම සහ කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිම.

06- ජා ඇල පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 91 / 13 අදාළව 2013.03.19 වන දින මුන්ටා පාර ඒකලදි ජා ඇල හැටන් නැෂනල් බැංකුවෙන් මුදල් රුපියල් ලක්‍ෂ 03 ක් රැගෙන යමින් සිටි කාන්තාවක් හා තවත් පුද්ගලයෙකු කාර් රථයකින් යමින් සිටියදී ඔවුන් පසුපස හඹා ගොස් කාර් රථය නවතා එහි සිටි කාන්තාවකගේ රුපියල් ලක්‍ෂ 03 ක් තිබු හෑන්ඩ් බැගය කොල්ලකෑම.

07- අතූරුගිරිය පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 157/13 ට අදාළව 2013.05.03 වන දින කොමර්ෂල් බැංකුවේ මුදල් රැගෙන කාර් රථයේ ගමන් කළ පිටිටුගල යසෝධරා විද්‍යාලය ඉදිරිපිට දරුවා ගැනිමට නතර කර සිටියදී කාර් රථයේ සිටි කාන්තාවක් බිය ගන්වා රුපියල් දසලක්‍ෂ පනස් හත් දහස් එකසියයක් කොල්ලකෑම.

08- ජා ඇල පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 154 / 13 ට අදාළව 2013.05.28 වැනි දින පොලිටෙක්ස් කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් ජා ඇල හැටන් නැෂනල් බැංකූවෙන් රුපියල් ලක්‍ෂ 75 ක් රැගෙන වෑන් රථයෙන් එම කර්මාන්ත ශාලාවට ඇතූළු වන අවස්ථාවේ එම වාහනය පිටුපසින් පැමිණි වාහනයෙන් අවිගත් පුද්ගලයින් බැස අවි පෙන්වා බිය ගන්වා මුදල් රුපියල් ලක්‍ෂ 75 ක් කොල්ලකා ඇත.

09- පිටකොටුව පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 117/ 2013 ට අදාළව 2013.08.06 වැනි දින පැය 03.30 ට පමණ අංක 55 සාරංගා ජුවලර්ස් හෙටිටිවිදිය පිටකොටුවේදී සුදු පැහැති ටවුන්ඒස් වර්ගයේ වෑන් රථයකින් පැමිණි පිරිසක් ගිනි අවි පෙන්වා බියගන්වා රුපියල් ලක්‍ෂ 350 ක් පමණ වටිනා විදේශ මුදල් හා රත්තරන් කූරු කොල්ලකෑම ඒ සඳහා ටි 56 අවි දෙකක් හා පිස්තෝලයක් භාවිතා කැර ඇත.

10- කොටහේන පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 146 / 12 ට අදාළව 2012.08.03 වැනි දින සැකකරුවන් සුදු පැහැති ටොයෝටා ටවුන්ඒස් වෑන් රථයකින් පැමිණ කොටහේන වට රවුම අසල ශාන්ත ලූසියා පාරේදි ති‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවකට පිහියෙන් ඇන තුවාල සිදුකර මුදල් රුපියල් දස ලක්‍ෂ අටසියක් කොල්ලකෑම.

11- වත්තල පොලිස් වසමේ 2013 පෙබරවාරි මස කොමර්ෂල් බැංකුවෙන් රුපියල් ලක්‍ෂ 07 1/2 ක් රැගෙන එමින් සිටි යුවලකට පිහියක් පෙන්වා එම මුදල් කොල්ලකෑම.

12- මෝදර පොලිස් වසමේ 2013 අප්‍රේල් මස දේවාල පාරේදි උන්ඩියල් මධ්‍යස්ථානක සිට රුපියල් ලක්‍ෂ 03 1/2 ක් රැගෙන එමින් සිටි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා එම මුදල් කොල්ලකෑම.

මෙයට අමතරව කොටහේනේදී සිදු වූ කොල්ලයකදී උණ්ඩියල් අතුල ගල්කටස් අවියකින් තැබූ වෙඩිල්ලකින් ඔහු සමඟ කොල්ලයට සම්බන්ධවූ ගෝලයෙක් 2013 වසරේදී වෙඩි වැදී මියගොස් තිබුණි. එම ඝාතනයේ චෝදනාවද එල්ල වී තිබුණේ උණ්ඩියල් අතුලටය.

කොළඹ අපරාධ කොට්ඨාශයද උණ්ඩියල් අතුල හමුදාවේ හිටපු කිහිප දෙනෙක් සමඟ එක්ව කළ කෝටි පහක රන්භාණ්ඩ කොල්ලයක්ද හෙළිකරගෙන තිබුණි. යාපනයේ රන්භාණ්ඩ මධ්‍යස්ථානයකට අයත් රන් භාණ්ඩ තොගයක් කොළඹට රැගෙන එමින් තිබියදී එම රන් භාණ්ඩ සුදු වෑන් රථයකින් පැමිණ කොල්ලා තිබුනේ හෙට්ටිවීදියේදීය. එවන් රන් භාණ්ඩ කොල්ලකෑම් කිහිපයකම තොරතුරු පසුව හෙළිවී තිබුණි.

ජා – ඇල දී සිදුවුණු ලක්ෂ 75 කොල්ලය රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් එකකි. ඒකළ පිහිටි ඇගළුම් කම්හල් හිමිකරුවෙක් විසින් සිය දියණියගේ විවහා මංගල්‍ය උත්සවය වෙනුවෙන් 2013 වසරේ මැයි 28 වැනිදා එම මුදල් ජා- ඇල පිහිටි බැංකුවෙන් ලබාගෙන සිය ඇගුළුම් කම්හල වෙත යමින් සිටියදී කොල්ලය සිදුවිය. ඒ සම්බන්ධයෙන් ඇති වුණු සිත් තැවුලෙන් දියණිය විවහා වීමට නියමිතව සිටි දිනය වන 2013 වසරේ ජුනි 7 වැනිදා ඇගලුම් කම්හල් හිමිකරු හෘදයාබාධයකින් මිය ගියේය. එම කොල්ලය රටේ ආන්දෝලනයකට ලක්වුණු කොල්ලයකි.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගරගව වසර හයක සිරදඩුවමක් හිමිව දඩුවම් ලබා ඔහු බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇත්තේ රාජිත සේනාරත්න මහතාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවට මාස හයකට පෙරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 5 =