පාකිස්ථානයේ හිටපු ජනපතිට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ට ලාහෝර් නුවර විශේෂ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා රාජද්‍රෝහී ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම දඬුවම පැනවූ බව අල් ජසීරා පුවත් සේවය පැවසීය. හිටපු ජනපතිවරයා පාකිස්තාන ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බව රජයේ නීති නිලධාරී සල්මන් නදීම් ප්‍රකාශ කර ඇත.

2007 වර්ෂයේ නොවැම්බර් මස 3 වැනිදා නීති විරෝධී අන්දමින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුව 2014 වර්ෂයේ සිට අධිකරණයේ විභාග වෙමින් පැවතිණි. පර්වේස් මුෂාරෆ් මේ වන විට 76 වන වියේ පසුවන අතර ඩුබායි වෙත ස්වයං පිටුවහල්ව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =