බන්ධනාගාර වෑන් රථයක් ගසක වැදී සැරයන්වරයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – සීගිරිය, දිගම්පතහ, අව්ඩන්ගාව ප්‍රදේශයේදී බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර සැරයන්වරයෙක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

අද(18) අළුයම බන්ධනාගාර රැදවියෙකු නඩු කටයුත්තක් සදහා බෝගම්බර බන්ධනාගාරයේ සිට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්අධිකරණය වෙත රැගෙන යමින් සිටියේදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ බන්ධනාගාර සැරයන්වරයෙකු වන අතර ඔහු පල්ලකැලේ බන්ධනාගාරයට අනියුත්තව රාජකාරිකළ වසර 25ක පමණ සේවා කාලයක් ඇති නිලධාරියෙක් බව සඳහන්ය. මෙම අනතුරින් මියගොස් ඇත්තේ බෝගම්බර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ මාවනැල්ල ප්‍රදේශයෙහි පදිංචි ඒකනායක නැමති බන්ධනාගාර සැරයන් නිලධාරියෙකි.

අනතුරින් තුවාල ලැබූ රැදවියා සහ තවත් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 6 =