ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබේ.

ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන මධ්‍යස්ථාන, වෙළද පොල, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සමාජශාලා ආශි‍්‍රතව ගැවසීමේදී අවදානයෙන් පසුවන ලෙසට එමගින් දක්වා ඇත.

මීට අමතරව පූජනීය ස්ථාන, ප‍්‍රධාන කී‍්‍රි‍්‍රඩා හා සංස්කෘතික උත්සව මෙන්ම අධ්‍යාපනික ආයතනද මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට ඇතුළත් කර තිබේ.

මෙලෙස නිකුත් කර ඇත්තේ අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන දෙවන මට්ටමේ සංචාරක උපදේශන සිහිකැඳවීමක් බව එමගින් ප‍්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *