සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම කිමාලිට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කර තිබේ.

ඇය මේ වන විට වැලිබල් වන් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. ඊට පෙර ඇය එල්. බී. ෆිනෑන්ස් සමාගමේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළාය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත් වූ පළමු කාන්තාව වන්නේ ද කිමාලි ප්‍රනාන්දු මහත්මියයි.

ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 10කට අධික ආදායමක් සහිත සංචාරකයින් මිලියන 7 ක් පමණ ආකර්ෂණය කර ගැනීම සඳහා රට ඉහළම සංචාරක ගමනාන්තයක් බවට පත්වීම සහතික කිරීම වෙනුවෙන් සංවිධානය විය යුතු බව ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *