සජිත් සිය ස්ථාවරය කියයි

(කොළඹ, ලංකාපුවත්) – පක්‍ෂ නායකත්වය නොමැතිව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගැනීමට තමන් කිසි ලෙසකින්වත් සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් කිසිඳු කොන්දේසියකට යටත්ව කටයුතු කිරීමට ඉදිරියේදී ද සූදානම් නොමැති බව ඔහු කියා සිටියේය.

සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ ඊයේ (17) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින්ය.

ජනාධිපතිවරණ පරාජයෙන් මසකට පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පළමුවරට කොළොන්නාවේදී ඊයේ ජනහමුවකට එක්විය. ඒ, ගමින් ගමට ගොස් ජනතාව මුණ ගැසීමේ අරමුණිනි. එහි තවත් ජන හමුවක් ලෙස පිටකෝට්ටේදී මෙම ජන හමුව පැවැත්වුනි.

ජනතාව යෝජනා කරන්නේ නම් ඉදිරියට යන්නට කියා ඒ යුතුකම ඉටු කිරීමට තමා සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ අතර දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවට ජනතාව විසින් තමාට කියන්නේ නම් ඒ යෝජනාවද, පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *