අලුත් නායකත්වයක් ගේන්න මම කටයුතු කරනවා

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂය නව ගමනක් යැම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ජනවාරි මස ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සරසවි යොවුන් ක්‍රියාකාරි පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මම මෙතන හැමදාම ඉන්නේ නැහැත අලුත් නායකත්වයක් ගේන්න මම කටයුතු කරනවා. වෘත්තීය සමිති ගණනාවක් මේ වන විට විවිධ අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මාසයේ සිට අපගේ ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරනවා. අපගේ අඩුපාඩු සොයා ගෙන අපි කටයුතු සිදුකළ යුතුයි.පක්ෂයක් විධියට තරුණ ජවයත් සමඟ අප ඉදිරියට යැමට කටයුතු කරනවා.

සරසවි යොවුන් පෙරමුණේ ජාතික කැදවුම්කරු කසුන් උදයංග මහතා ද කතා කෙළේය.

මෙම අවස්ථාවට සරසවි යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික ඇතුළු සරසවි ශිශ්‍යයින් පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *