(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මේ වන විට ආයතනය තුළ පවතින තත්ත්වය, මුහුණ දී තිබෙන ගැටලු හා ඊට අදාළ දිගුකාලීන හා කෙටිකාලීන විසදුම් යෝජනා ඇතුළත් කඩිනම් යෝජනාවලියක් සකසන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙලෙස උපදෙස් දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු කිරීමේදී දේශීයත්වයට ප්‍රමුඛතාවය ලබා දෙන ආකාරයෙන් කටයුතු කරන ලෙසද මගීන්ට සංග්‍රහ කිරීම සඳහා දේශීය නිෂ්පාදන ලබා ගන්නා ලෙසද සමාගම්වල ටෙන්ඩර්වලට සාමාන්‍ය පුද්ගලයකු අයදුම් කිරීමට බැරි තරම් නීතිරීති පනවා ඇති බැවින් එම තත්ත්වය වෙසස් කර දේශීය ව්‍යාපාරිකයන්ට ටෙන්ඩර් ලබා ගැනීමේ පහසුකම් ඇති කරන ලෙසද ඇමැතිවරයා දැනුම් දී ඇත.