“සපිරි ගමක්” සංවර්ධන වැඩසටහනට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –”සපිරි ගමක්” ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සදහා කැබිනට් අනුමැතිය හිමිවීතිබේ.

මෙම වැඩසටහන 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යමහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2020 වර්ෂය තුළදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මේ වැඩසටහන යටතේ, රට තුළ පිහිටි 14,021 ක් වූ සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාස ආවරණය වන පරිදි එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් තුළ රුපියල් මිලියන 2 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ග්‍රාමීය පහසුකම් සංවර්ධනය කිරීම තුළින් රැකියා හා ජීවනෝපාය අවස්ථා වර්ධනය කිරීමත්, එමඟින් ග්‍රාමීය ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය නංවාලීමත් “සපිරි ගමක්” ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේඅරමුණු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *