කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරය වෙත

(කොළඹ, ලංකාපුවත්) – රාජගිරියේ පිහිටි පෞද්ගිලක ගොඩනැගිල්ල පවත්වාගෙන යනු ලබන කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

ඊට අදාල ගිවිසුම පිළිබඳ යළි සාකච්ඡා කර එම ගිවිසුම අහෝසි කිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් එම ස්ථානය සම්බන්ධයෙන් ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්විමමේ දී සාකච්ඡා වී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය 2016 වසරේ සිට රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක ස්ථාපිත කෙරුණු අතර ඒ සදහා මාසිකව රුපියල් දෙකෝටි හතලිස් එක් ලක්ෂයක පමණ මුදලක් කුලිය ලෙස ගෙවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *