පාඨලී 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඔහු අද(19) අලූත්කඬේ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කිරිමේ සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ පස්වරුවේ පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරිම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලායාමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනිමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබූ අතර පසුව ඊයේ(18) රාත්‍රි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජන් ද සිල්වා මහතා හමුවට ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි නියෝග කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *