ශ‍්‍රී ලංකා – ස්විට්සර්ලන්ත විදේශ ඇමතිවරු අතර දුරකථන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නේෂියෝ කාසිස් මහතා දුරකථන සාකච්ඡාවක නිරතව තිබේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවගේ සිද්ධිය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමුව ඇත. ඇය සම්බන්ධයෙන් මෙරට නීතිය අනුව අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පැහැදිලි කර තිබේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවත් රටේ නීතියට අනුව ඇය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ලබන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.

ෆ්‍රැන්සිස් මහත්මියට සියලු පහසුකම් ලබාදී ඇති අතර ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට සහතික වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

අඛණ්ඩව ඒ පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් සූදානම් බව ඔහු පෙන්වාදී ඇත. දෙරට අතර ද්විපාරීශවික සම්බන්ධතා යහපත් ලෙස පවත්වා ගෙන යාමටත් පියවර ගන්නා බව ස්විටසර්ලන්ත විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *