BOI නව සභාපති ධුරය සුසන්ත රත්නායකට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන සුසන්ත රත්නායක මහතා පත් කර තිබේ.

වසර 30 කට අධික කළමනාකරණ පළපුරුද්දක් ඇති රත්නායක මහතා 2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇත. ඔහු 1992/93 සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

මීට අමතරව ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු ආයතන හා සමාගම් ගණනාවක් ඔහුගේ මෙහෙයවීමෙන් පසුගිය කාලයේ දී සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =