MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි – සොයා බැලීමට කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල කමිටුවක් පත් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ (18) තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

එම ගිවිසුම අධ්‍යයනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය ලලිත් ගුණරුවන් (සභාපති), වාස්තු විද්‍යාඥ නාලක ජයවීර, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩී.එස්. ජයවීර සහ ජනාධිපති නිතිඥ නිහාල් ජයවර්ධන මෙම කමිටුවට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *